හදුනාගැනීම Identities

මේ ඉන්නේ මේ වව්නියා මණ්ඩපයේ ඉන්න කට්ටිය. මෙයාලාගේ පින්තූ‍රෙත් එක්ක විස්තරේ තමයි ඔය පල්ලෙහා දාන්න හදලා තියෙන්නේ....
------------------------------------------------------------------------------------------------------------------------




by kauda


 මේන්න විස්තර ටික ඇතුළත් කරන්නයි අපි යන්නේ උඩ පින්තූරේ ඉන්න අයගෙන් සමහරක් අය අපිත් එක්ක දැන් නෑ. එයාලා රජරට කැම්පස් එකට මාරු වුණා. ලංකා බැංකුවේ පාළු මකන්න ගියා...





දයියා හෙවත් ජෝන්, වැද්දා (කුළුණූ)
මුගේ නමේ කෑල්ලක මධූභාෂන් කියලා තිබුනට මොකද උන්හිටිතැන් කෙසේ වෙතත් ඒ ඕනෙම තැනක වහන්න බැරි කටක් තමා මුට තියෙන්නේ. වචන 10 ක් කතා කලොත් ඒකෙන් 8ක්ම කපා හරින්න තමයි වෙන්නේ..  පණ්ඩුකාභය රජතුමාගේ ගම් පලාතෙන් මෙහෙට ආපු මූ ඉන්නෙත් මගේ කාමරේ.. තුන්පාරක් පීචං වෙලා මෙහෙට ආපු අය අතුරින් කෙනෙක් ලෙස මූව ‍සැලකෙනවා. ගෙදර යන කාලෙට පමණක් කැපෙන කොණ්ඩයක් තියෙන නිසා දෝ මන්දා ගැලපෙනම නමක් ලෙස වැද්දාකියලා කාඩ් එක දාලා තියෙන්නේ. උපහාරයක් තිබෙන සම්පත් දායකයෙක් උනාට ඒකෙන් වැඩ ගත්තේ මු නම් නෙමේ..මොකද ඒක හොස්ටල් එකේ අනිත් උන්ගේ ප්‍රේමය සඳහා දිවා රෑ දෙකේම යොදාගත්තා. අනික ගෙදරට කතා කරන්න මතක් වෙන්නේ මේකගේ දුරකතනයෙන් ඇමතුවහම ඒ අක්කා විසින් ‘ඔබගේ දුරකතනයට මෙම පහසුකම සපයා නොමැත’ කියලා කියන‍ කොට විතරයි. පස්සේ දවසක දයියා අපේ පීඨයේ එඩිටර් පොස්ට් එකට ඒකඡන්දයෙන් පත් වුණා. එදා ඉඳලා මේකට තිබුණේ පොස්ටර් අලවන්නයි, ලියුම් බෙදන්නයි, ලියන්නයි.. අපේ ලේකම් තුමාට හරි සභාපතිට හරි මූව මතක් වෙන්නේ ඒ වෙලාවට. ඒක නිසා මූ අනිත් අයගේ වැඩ කරදෙන නිසා පසු කාලීනව ‍ “ජෝන්”  ලෙස නම පටබැඳුනා. දැන් මේ නිසාම දයියා කැම්පස් එකේ පොදු වැඩ මගහරිනවා. කෝල් එකක් එහෙම එනකොට මූට උණ ගන්නවා.  මෙහෙම ඉන්න මූට මල්සරාගේ හීපාරක් දැන් වැදී නොවැදී යනවා කියන්නේ මාතලේ  පැත්තක බේකරියක ඉඳලා. එයාට මෙයා ලියපු පෙම් හසුනක් (පෙම් ගීතයක්) කැම්පස් නෝටිස් බෝඩ් එකේ ඇලවිලා තිබුණලු. ඒක එතනට ආවේ කෙසේ වෙතත් ඒ හසුන ලබන්න නියමිතව හිටපු ගෑණු ලමයා ඊළග මොහොතේම අලවපු ලිපිය කීතු කීතු වලට ඉරලා දාලා ගියානේ...... දැන් ටිකක් ෂොක් එකේ ඉන්නේ...... නමුත් හොස්ටල් එකේ ඉන්න එළම එළ බුවෙක් බව නොපිරිහෙලාම කිව යුතුව තිබේ.





කැන්නයා/පොන්ටිං/බුදිමතයා (ශාන්)

නිතර සිකුරා හතේ සිටින මොහුගේ පෙම්කතා වල උපරිම කාලය සති 2ක් හෝ තුනකි. හදිසි කෝපය නිසා ගෑණු ලමයට බැණවැදී එම සම්බන්දේ බිඳ වැටේ. වව්නියාවේදී ද සම්බන්ධතා පැවැත්වුවද වැඩි කල් ගත වූ ඒවා අඩුය. නිතර නිහඩ චරිතයක් පවතින මොහු මීයන් දෙන්නා නොව හත් අටදෙනා අල්ලන උපාසක පූසෙකි. අනුර පුර සිය ගම ලෙස සඳහන් කලද ඉන් එහා කැකිරාවේත් හද්දා ඇතුළක සිය ගම පිහිටා තිබේ. මහත් වීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරමින් සිටින මොහු අදටත් බර වැඩි වී නොමැත. බුදිමතයා තුන්පාරක් පීචං වෙලා මෙහෙට ආපු අය ගේ සංගමයේ ලාසැලකෙනවා. තවද වයසින් වැඩිම පුද්ගලයන් අතර සිටින මොහුට ඇත්තේ යම් ලාබාල පෙනුමක් නිසා අන් වැඩිහිටියන්ගේ ඊර්ෂාවට පාත්රවී තිබේ. මොහුට නිදා ගැනීමට අවශ් වන්නේ ඔළුව නොසෙල්වී තියා ගැනීම හැකි තැනකි. ඕනෑම වේලාවක නින්දට යාමටත් ඉන් පිබිද ඊළග විනාඩිය ඇතුළත නැවත නිදාගැනීමටත් පුදුම හැකියාවක් පවතී. රාත්රී 7 පමණ නිදා ගන්නා මොහු රාත්‍රී 11 පමණ පිබිද දත්මැද නැවත නින්දට යයි . මේ ආයිත් නැගිටින්නේ දත් මදින්න. කෙතරම් නිදාගත්තද මොහු එළකිරි කොලුවෙක් ලෙස දක්වන්නට මගේ සිත කිසිවිටෙකත් නොපැකිළේ




 
ඳයා(ව) / BEEN (පාලින්ද)

පිනවිය නොහැකි ආහාර රුචියකින් පෙළෙන මොහුගේ අනාගත පරපුර පිළිබඳ ඇති සානූකම්පාව හේතු කරගෙන මොහුට ඉහත නම පටබැඳී තිබේ. කලක් යාපනය විශ්ව විද්‍යාලයේ සිටි ගැණු ලමයෙකුගේ තුන්කොන් ප්‍රේමයක එකක් වී සිටි මොහු දැන් ලැම්බට් සංගමයේ සාමාජිකත්වය අයඳුම් කරමින් සිටින බව වාර්තා වේ. physical science, maths department එකේ සිටින එකම සිංහල කොලුවා වේ. වරක් 2008/ASP/... යන්නෙහි ASP හි තේරුම “applied science paculty”පවසන්නට ගොස් ගම කාගත් මොහු දැන් ASP දිහා බලන්නටවත් බියක් දක්වයි. හොස්ටල් උපන්දින සැමරුමේදී මොහුගේ උපන්දින සැමරුමෙන් පසු එවන් උපන්දින සැමරුම් නොතිබීම හේතු කරගෙන උපන් චිත්ත සන්තාපයෙන් කලක් මොහු පසුවූ බව පැවසේ. කවුදෝ කෙනෙක් මොහුගේ ජංගම දුරකතනයට ගෑණු ලමයෙකු සේ පණිවුඩ යොමු කර පසුව එය හෙළිවු විට දින ගණනක් යන‍ තෙක් කාමරයෙන් එළියට නොආ බව පැවසේ. වරක් ෆැකල්ටි පෙදෙසේදී සිය හුරතල් නාමය පැවසූවෙකුට ශුද්ධ වූ සිංහලයෙන් ආමන්ත්‍රණය ද කලේය. වෙසක් කාලයේ අටපට්ටම් 40කට අවශ්‍ය කෝටු ප්‍රමාණය පවසන්නට ගොස් R කරගත් මොහුට කැල්ක්‍යුලේටරය නැතිව 15/3 හි පිළිතුර පවා දිය නොහැක. මූණු පොතේ සිටින කාන්තා පාර්ශවය කෙරෙහි ඉතා ඕනෑකමින් පිළිසඳරේ යෙදෙන මොහු ඔවුන්ට කිසිදු දිනක සිය ජංගම දුරකතනයෙන් පණිවුඩ නම් යවා නැත. කිසිදු වේලාවක සිය පසුම්බියේ රු.10ක් ඉක්මවන මුදල් ලඟ නොතිබුණ ද සුද්දාගේ ජීවන රටාව අනුගමනය කරයි. සිය කාමරයේ සිටි සියළුම දෙනා බෝට්ටු පැමිණ ගිය බැවින් තමාට ද බෝට්ටු ලැබේ යයි කලක් සිතා සිට මණ්ඩපයට අනුගතව සිය ජීවිතය ගත කරන මොහුට දැන් එම කාමරය පවා අහිමිව සාලයේ ඇඳක් වෙත සම්ප්‍රාප්තවී තිබේ. නමුත් මොහුටද සැලකිය යුතු ස්ථානයක් හිමි විය යුතු බව පැවසේ.






 
මානවයා / කොට බලයා (ජානක)

සත්‍ය ප්‍රේම භ්‍රංගරාජයෙක් සේ සැලකෙන බලයා ගේ නම,ගම වාසගම,ඉන්නතැන, අම්මා අප්පා අක්කා අයියා ඔක්කෝම එකම නමකින් කියැවෙනවා. ඉතින් රැග් කාලේ මුගේ විස්තර කියන්න වෙන එකා හරිම වාසනාවන්තයි. මොකද ඔක්කොම ‘බලයා’ නේ. ඉතින් මුගේ ආහාර රුචිය කෙසේද යත් පිළුණු වුණ බත්පතක් පවා අහක දමන්නේ කෙසේදැයි සිතන්නෙකි. ගම්මානයේ හැරදමා ආ පෙම්වතියට ‘ මේ මං දැන් නාන්න යන්නේ, නාන්න ද?’, ‘මේ මං ටොයිලට් යන්නම් කමක් නෑ නේද!’  කියා අසන තරම් පුද්ගලයෙකි. කට්ට වෙට්ටපිත්තල කමේ මූලාශ්‍රය මු වන අතර හොස්ටල් ෆන්ඩ් එකේ විගණන වාර්තාවට ‘බිල්ගත නොවු වියදම්’ ඇතුළත් කර ආන්දෝලනාත්මක අවස්තා බිහි කරේය. තවද ඉතා හොඳින් සිදුකරන ලද වෙසක් කමිටුව ද මොහුගේ දක්ෂතා වල ප්‍රතිඵයකි. පෙර ආත්මයක කරන ලද ඝාන්ටාර පූජාව නිසා රහස් කිමේ නොහැකියාවකින් පෙළෙන්නෙකි. දෙයක් වරක් කියු විට(සමහර දෑ මෙසේ නැත) තේරුම් ගැනීමේදී ටියුබ් ලයිට් වන මොහුට එකම දෙය වාරගණනක් කියා දීමට සිදුවන නිසා කුප්පි දමද්දී මොහුගේ පැමිණීම අභාග්‍යයක් සේ සලකයි. නොදන්නා දෙයක් නොමැති මොහු, කිසිවෙකුටත් සිදුවී ඇති යම් යම් සිදුවීම් මොහුටද සිදුවී තිබිම පුදුම එලවයි. රූම් එකේ යම් කිසි අඩුවක් ඇත්නම්, එම අඩුව පිරවීමට කිසිවෙකුට නොහැකි නම් මොහුගේ මැජික් මල්ලෙන් එම දේ අනිවාර්යෙන් ලබාගැනීමට හැක. ඉතා හොඳ කෝකියකු වන මොහුගේ හැකියාවන් එමටයි (රංගනය, තාලයක් නැති ගී ගායනය, උපදේශන සේවාව......ඇතුළු බොහෝ දෑ). මොහුද තුන්පාරක් පීචං වෙලා මෙහෙට ආපු අය අතුරින් කෙනෙක් ලෙස ‍සැලකෙනවා. දුරකතන බිල අඩු කරගැනීමේ දුෂ්කර ක්‍රියාව නිතර සාර්ථකව සිදු කරන අතර මාසික බිල රු.10ත්-20ත් අතර රඳවා ගනී.  ඔය කෙසේ වෙතත් බලයාද වව්නියාවේ සිටින සුපිරි බුලට් එකකි.







TV රාජා(ලොකු)/d.d /ත්‍යාගේ (විනෝජ්)
මොහු ගැන කියන විට පැවසිය යුතුම කාරණය වන්නේ මුඛරිකම ඉහවහා ගිය කටයි. මාළුවා නහින්නේ කට නිසා යැයි තිබූවද මොහු රැකෙන්නේ කට නිසා යැයි පැවසීම සත්‍යයකි. තවද මෙම කට නිසා බැජ් එකේ විවිධ පුද්ගලයන්‍ ගේ ඉහළ (අ)ප්‍රසාදය මොහු දිනා ඇති බව පැවසිය යුතුය. ඕනෑම කාරණයක් දී පෙරමුණ ගත්තද එය ක්‍රියාත්මක වන විට දුරකතන ඇමතුම් ලැබී ඒම වැඩ අතපසු කරමින්අස්සෙහි ගතකරන බැවින් කලක් ‘අයිස් බඩා’ යනුවෙන් අන්වර්ත නාමයක් ද ලැබී තිබුණි. හිසේ පවතින කෙස් ගණනය කළ හැකි නිසා රු.1000 ක් පමණ වන (ඔහු පවසන පරිදි)  ෂැම්පු හා කන්ඩිෂනර් යොදා කේෂපාලනය මැනවින් ඉටුකරයි. මොහු කාලයක් සීනියර්ස්ලා විසින් ලබා දුන් කාඩ් එක (D.D) සම්බන්ධව කළකිරීමෙන් කාලය ගත කල බව නොරහසකි. ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් අතුරින් department head ව හොින්ම හුනන්නේ මොහු බව පැවසිය යුතුම යි. කාලයක් ව්‍යාපාර අධ්‍යයනය පීඨය (faculty of business studies) පෙදෙසේ වැඩිපුර රවුම්ගැසු පුද්ගලයන් අතරට ගැනෙන මොහු එහි සිටින්නියක් හා හාදවී යැයි රාවයක්  පැතිර තිබුණි. නමුත් ඈ හා සම්බන්ධය පටන් ගත්තේ බැජියකගේ අවමගුල් උත්වසයකට ගොස් බව නොරහසකි. හොස්ටල් එකට රූපවාහිනී යන්ත්‍රය පැමිණි දා සිට එය අත්පත් කරගෙන සිටි අයෙකු වන බැවින් වර්තමානයේ TV රාජා(ලොකු) යැයි පවසයි.  පසුව ඉන් ඉවත් වී ඇත්තේ තවත් රාජෙකු විසින් එය ආක්‍රමණය කර ඇති නිසාවෙනි. වර්තමාන ලැම්බට් පරම්පරාවේ මූලික සාමාජිකයෙක් වන මොහු සීනියර් අක්කලා කිහිප දෙනෙක්ටම පැණි පෙරමින් සිටියි. පා පැදියක හිමිකරුවක් නොවන මොහු අපගේ ජෝන්ගේ රියදුරු කාර්යයේ යෙදී සිටියි. දකින කියන ඕනම ගැණු ලමයෙකුට පැණි පෙරීමේ සමත් මොහු කිසිම විටෙක කාටවත් බය නැති කෙලින් වැඩ කරන ඍජු පුද්ගලයෙකි. තවද විභාගයක් පවතින විටක අපේ කොල්ලන්ට මොහුගෙන් ලැබෙන උපකාරද කියා නිම කල නොහැකි තරම් බව කිය යුතුමය. මොහුද මණ්ඬපයේ සිටින සැලකිය යුතු පුද්ග‍ලයෙක් බව කිව යුතුමයි.






පොඩ්ඩා/ TV රාජා(පොඩි)  (රජිත් රන්දික)
ටීවී රාජා 2 නැතිනම් පොඩි රාජා ලෙස හඳුන්වන මොහු පළමු වර පීචං වූ කණ්ඩායමේ සාමාජිකයෙකි. මොහු විසින් උපාධිය ලබා ගැන්මට පෙර සිටම B.A සමත්ව සිටින මොහු ඒ වෙනුවෙන්ම මාල් සමඟ අනුරපුර පංති ගිය බව සැමම දනී. විභාගය ‍හෝ ඇගයීම පවත්වන දින උදෑසන පොත් පෙරලාගන්නා මොහු දිනය ගත කරන්නේ රූප පෙට්ටිය හෝ කාගේ හෝ උකුළුඋඩ යන්ත්‍රයක ෆිල්ම් බලන ගමන්ය. බලයා හා උයන කණ්ඩායමේ සිටින මොහුගේ කාර්යය පොල්ගෑම පමණි. ඉතිරි සියල්ල බලයා සිදු කරන අතර මොහු එම කාලයේ දීත් රූප පෙට්ටිය වෙනුවෙන්ම ගත කරයි. ෆැකල්ටියේ සිටින අපේ කතුවරියගේ ලඟම මිතුරාවන මොහු සිය ශරීරය මහත් කරගැනීමට විවිධ අත්බෙහෙත් පිළිබඳ විමසමින් සිටී.





ස්පෝකර / කැප්ටන් (ලක්මාල්)

කසාද බඳින්න ඔන්න මෙන්න තියා බූට් වැදී එම ගැණු ලමයා වෙනත් අයෙකු හා පැනලා ගිය නිසා තමන් නැවත කසාද නොබඳින බව පවසන මොහු නිසා පීඨයේ කාන්තාවක් අසහනයෙන් පසුවන බව පැවසේ. යමෙකුට සිදුවන බව කියනු ලබව මොනයම් සිද්දියකට ගැලපෙන නොගැලපෙන සිදුවීමක් පිළිබඳ පවසන මොහු රෑ 12හට පවා සිය ගමේ වැවට ගොස් නාන බව පවසමින් හොස්ටල් ටැංකියට බාල්දි දමමින් නායි. අප කාගෙත් නිදිමත නැති කිරීමට අවශ්‍ය ඕනෑම මොහොතක බයිට් එක වන මොහු වොලිබෝල් කණ්ඩා‍යමේ සාමාජිකයෙකි. සිය ගම කුරුණෑගල නගරයේ යැයි පවසන මොහුගේ ගම්මානය නිකවැරටියටත් එහා බව හෙළිව තිබේ. කාගෙන් හො බැණුමක් නැතිනම් මොහු සමඟ රණ්ඩුවකට පැමිණි විට ඇඳයට රිංගා වැටී ඇති පොත් සොයයි. මේ දින වල නම් කැම්පස් නෙට්රූම් භාරකරු ලෙස ස්වයංව පත්ව ඇති මොහුගේ එම රාජකාරී මධ්‍යම රාත්‍රී 12ට පමණ අවසන් වේ.

Related Posts Plugin for WordPress, Blogger...