Pages

Friday, February 4, 2011

නවකයින් පිළිගැනීමේ රූපරචනාවලිය

ඕන්න අද ඉඳන් අපේ වැඩ කිඩ ටික රූප මාධ්‍ය හරහාත් බලාගන්න පුළුවන්. ඒකේ පළමු පියවර විදියට මෙම විඩියෝව නිකුත් කරනවා. ඒ වගේම ආඩම්බරම දෙය තමයි. අද ඉඳලා කවුඩා youtube channel එකත් පටන් ගත්තා. එකට තමයි මේ සිය්‍ළු වීඩියෝ ඇතුළත් කරන්නේ.
http://www.youtube.com/user/kaudasblogspot   තමයි ඒකේ ලිපිනය. ඒවගේම ට්වීටරයත් තියෙනවා.

මෙම වීඩියෝව ඉදිරිපත්කර ඊළඟ දිනයේම අපේ රෙපාට වහාම මණ්ඩපයේ රෙක්ටර් මුණගැහෙන ලෙස නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මොකද මේකේ අපි අපේ නවක ළමයි පිළිගත්ත විදිය ගැන ටිකක් සඳහන් වෙලා තිබුණා. ඉතින් මේකේ නිශ්පාදන කටයුතු කරපු කවුඩාත් ටිකක් බයෙන් හිටියේ අවුරුද්දකට දෙකකට ගෙදරට වෙලා ඉන්න වෙයි කියලා. නමුත් වාසනාවට මුකුත් වුණේ නෑ. කවුඩටත් වඩා මේකේ මූණු පෙනුන කට්ටිය තමයි ටිකක් ගැස්සුනේ..
ඒත් අපි මේ වීඩියෝවෙන් උත්සහ කලේ යම් පණිවිඩයක් ලබා දෙන්න. හිතනවා අපි ඒ ප්‍රයත්නය සාර්ථක වුණා කියලා.
මේක නිශ්පාදනය කරද්දි උදව් කලේ ටීවී රාජා(විනෝජ්), රූප ගත කරපු පරක්කුවා(උපුල්), මුලිකව මතක් කරන්න ඕන. මෙහෙම එකක් කරමු කියලා අදහස් දීපු වැද්දා(කුළුණු) ගැනත් කියන්න ඕන.
මේ වීඩියෝව නිකුත් කරන කං මරණීය තර්ජන එහෙම එල්ල කරපු ඳයාව(පාලින්ද), වගේම නිතර ප්‍රශ්න අහපු මන්නයා ඇතුළු අපේ ඔක්කෝම මතක් කරනවා.


U-night '11 lets jump hug n party Traillor





මේක කලින් මූණු පොතෙනුත් කට්ටිය බැලුවා.
දැන් තමයි නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හරින්නේ.
මතක ඇතුව මේක හොඳ විදියට පාවිච්චි කරන්න කියලා තමයි කවුඩා ඉල්ලා සිටින්නේ.

Twitter
www.twitter.com/kaudas

Youtube Channel
http://www.youtube.com/user/kaudasblogspot

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...