Pages

Wednesday, September 29, 2010

Second Part 2010/09/29

part 2

ඉතින් ඔන්න නිදාගන්න ගියාම අපේ රූම් එක පොඩි නිසා පස්දෙනාට නිදාගන්න අවුල. කොහොම හරි පැදුරු එලාගෙන ගෙදරින් ගෙනාපු බෙඩ්ෂීට් දාගෙන බුදි. ඔන්න රෑ කට්ටිය තමන්ගේ ජංගම දුරකතන වලින් ෆේස් බුක් බලනවා. අද මට කොහොමද කියලා. අප්ඩේට්ස් දානවා... ඒ අස්සේ සමහරු දත් මදිනවා..මදින ගමන් කියනවා මගේ මේ දෛනික පුරුදු නැතිකරගන්න බෑ කියලා. පස්සේ තමා දන්නේ මේකා ගෙදරදි උදේටවත් දත්මැදලා නෑ කියලා. ටික වෙලාවකින් මගේ පැත්තකින් ඇහෙනවා
එක්ක මල් කඩනවා. කවුද කියලා කියන්න ඔනේම නම් ‘මානව‍යා’.  එකත් ඉවරයි. ඔන්න ග්ර්ර්, ග්ර්ර්, ගර්ර්ර්ර් කිය කියා මානවයයි කැන්නයයි තරගෙට ලී ඉරනවා දෙපැත්තේ. දැන් නම් ඉන්න බෑ ඇයි මුන්ගේ සද්දෙයි මදුරු කරදරෙයි.

First Part 2010/08/16

part 1

මේක ලියන්න මම සුදුසුම පුද්ගලයා නොවන බව දන්නවාමොකද මං දන්න දේවල් වලට වඩා ගොඩක් දේවල් අනිත් අය දන්න නිසාඒත්  මම දන්න සියල්ලත් ඉදිරියේදී වෙන සියල්ලත් කොහොමින් කොහොම හරි මම ලියන්නම්.
එහෙනම් වැඩේ පටන් ගමු...
ඔන්න අපිට කැම්පස් එකට යන්න කියලා ලියුම ආවා.. මං නම් එන ඕන එකකට යනවා කියලා හිටපු නිසා මේක අවුලක් නෑ.  ඉතින් පේරේකැලණි , මොරටුරුහුණු එහෙම තේර්ච්ච අය වව්නියාවට ආවා කිව්වහම ඒකේ වැල්යූ එක ගැන පොඩ්ඩක් හිතන්න .....  කොහොමින්  හරි ‍මේකට දකුණෙන් ළමයි 60 ක් විතර ආවාපස්සේ කට්ටිය හතර පස්දෙනෙක් රජරටට මාරු වෙලත් ගියා.  ඉතිරි වුණේ අනේ මේ අපි ටික. කට්ටිය ගැන මෙහෙම ලිස්ට් එකක් හදන්නම් කො බලන්න.

Wednesday, September 15, 2010

පටන් ගැන්ම

ඕන්න අපේ වව්නියා මණ්ඩපයේ කට්ටිය කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු බ්ලොග් එක මං දියත් කලා. මේකේ තවමත් construction වැඩ ටික ඉවර නැති වුණත් අද ඉදන්ම ‍වැඩ පටන් ගන්නයි මේ කවුඩා බලාපෙරොත්තු වේනනේ
Related Posts Plugin for WordPress, Blogger...