ඕන්න අපේ ගෙදර පිරිතට කට්ටිය සෙට් වෙනවා. ආරංචි වුණ විදියට බදුල්ලේ කට්ටිය කලින් දාම රෑ පිටත් වෙලා. ඉතින් මං උදේ නැගිට්ටේ මගේ ෆෝන් එක රින් වෙන සද්දෙට. බලනකොට මුං
කොළඹට කෝච්චියේ ඇවිත්. දඩි බිඩි ගාලා මං නැගිටලා එන පාරත් කියලා පාරට ගියා එක්කගෙන එන්න. මෙන්න බලන කොට බස් එකක පාපුවරුවේ එල්ලිලා මගෝඩියා එනවා.

මෙන්න මෙහෙම තමා තඩිය යි ජෝනු යි ලයිට් එල්ලුවේ...
ඉතින් දවල්ට කාලා ගියා පුටු මේස එහෙම අරගෙන එන්න. ඉතින් පාර දිගේ ඒවත් අරගෙන ආවට පස්සේ කට්ටියට හොඳටම මහන්සියි.
ඉතින් ඔය අතරේ ඳයාට අපේ නංගියෙක් සෙට් වෙලා බලන කොට දුශානුත් එයාට බැල්ම දාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඔන්න පිරිත් මණ්ඩපේ එහෙම හදලා කට්ටිය ගිමන් නිවනවා..
එහෙම ඉන්න දෙන්න පුළුවනයෑ... මං ඉතින් ඔය වැඩ පුළු පුළුවන් විදියට කිව්වා. ඔය අතරේ මුන්ට තේ කෑම ජාති එහෙම දීලා ඉවරයක් නෑ.
රෑ පිරිත් පටන් ගන්නයි ලෑස්තිය. කට්ටිය ලෑස්තිවෙනවා පිරිත් අහන්න. ඉතින් කට්ටිය පන්සල් ගිහින් හාමුදුරුවන්ව වඩම්මන්න ලෑස්ති වෙන කොට රෑට කන්න ඉඳිආප්ප ගෙනැල්ලා. පවු මේ කොල්ලෝ ටික කියලා ගෙදර කට්ටිය කන්න දුන්නා. මෙන්න ටික වෙලාවකින් ඉඳිආප්ප මේසේ හිස් වෙලා. බලන කොට තිබුණ ඉඳිආප්ප 2000+ මුන් වැඩේ දීලා.
ඉතින ඡායාරූපකරණ කාරණාව මං තඩියාට බාර දුන්නා.
ඉතින් හරියටම රෑ 9 වෙද්දි පිරිත් පටන් ගත්තා.
ඔය අතරේ මන්නය යි තව දෙන්නෙකුයි අපේ ගෙවල් පාරේ හිටපු ගෑණු ළමයෙක් ව follow කරන්න ගිහින් අතරමං වෙලා ආපහු එන්න පාර හොයාගෙන තියෙන්නේ මහ රෑ හෙන ගේමක් දීලා ලු.


ඉතින් පාන්දර 5 විතර වෙද්දි පිරිත් අවසන් කරන්න කටයුතු ලෑස්ති වෙනවා. ඒ වෙලාවේදීත් අපූරු දේවල් සිදුවුණා. ඒ ටික ඊළඟ කොටසේ දී ලියන්නම්.
..B...වා..ර්..තා..ක..ර..ණ..ය..
| “කවුඩා” |
…........................................
No comments:
Post a Comment