Pages

Monday, October 11, 2010

Third Part 2010/10/10

part 3

කට්ටිය ගෙදර යන්න සෙට් වෙච්ච හැටි මෙහෙමයි. ඔන්න ඩීනුයි එස් ඒ ආරුයි හොස්ටල් තත්වේ බලලා අපිට සතියක නිවාඩු ලබා දුන්නා. එදා හවස ඉක්මනට හොස්ටල් ආපු අපි කිහිප දෙනෙක් දුම්රියෙන්ම යන්න තමා ලෑස්ති වුණේ. ඒ අතරේ තවත් කට්ටියක් ඊළග දවසේ උදේ ගෙවල් වල යන්නයි ලෑස්තිය. මමත් හොස්ටල් ඇවිත් බලයත් එක්ක අඳුම් බෑග් එක හදාගෙන හවස 7.30 වෙද්දි තාණ්ඩිකුලම් දුම්රිය ස්ථානයට යන්න පිටත් වුණා.
මෙන්න බොලේ
මුළු හොස්ටල් එකේම කට්ටිය අපිව ඇරලවන්න එනවා. ඉතින් අපි යනකොට ස්ටේෂන් එකේ සෙනග පිරිලා. අපිව චෙක් පොයින්ට් එකෙන් චෙක් කරාට පස්සේ ටිකට් එහෙම අරගෙන කෝච්චිය එනකං බලං හිටියා. කෝච්චිය ආවා විතරයි අපේ උන් කෝච්චි පෙට්ටියක් එහෙම අල්ලගෙන අපිට සීට් තියන් හිටියා. කෝච්ච්ය 8.00 වෙනකං නවත්තලා තියෙන නිසා කට්ටියම කෝච්චි පෙට්ටියේ ආතල් එකට සිංදු කියන්න පටන් ගත්තා. ඔහොම සිංදු කියන කොට මුතූ එයාගේ ෆෝන් එකෙන් පින්තූර ගත්තා ඒ හැම එකකම අපි ඉන්නේ ඇස් වහගෙන. ඇයි මු ෆ්ලෑෂර් දාලා මූණට ලං කරලා ෆොටෝ ගත්තාම හිතලා බලන්නකෝ.

ඉතින් කෝච්චිය පිටත් වෙලා වව්නියාවට 8.30ට ආවා. ඉතින් ඔය වෙලාවේ අපේ කෙල්ලෝ (නිරෝෂා, නතාෂා, ඩාරණී, නදීෂා, ඈන්)කොළඹ යන්න ඉන්න කට්ටියත් කෝච්චියේ අපේ පෙට්ටියට සෙට් වුණා. ඉතින් අපි සීට් වල ඉන්න ගමන් ඕමි අතක් ගහන්න තමයි ලෑස්තිය. ඔය අතරේ නදීෂා සිංදු පොතක් උස්සන් ඇවිත් කියපි ‘ අනේ කවුඩෝ අපි මිල්ටන්ගේ සින්දු  කියමු‍කෝ කිව්වා.’ ඉතින් කෝච්චියේ හිටපු අපේ මුතූ, චානක,බලයා, පෝකර, හීරෝ එහෙම සෙට් වෙලා ඔන්න සිංදු පටන් ගත්තා. වැඩි වෙලා කිව්වේ නෑ සිංදු දෙක තුනකින්ම වැඩේ ඉවර වුණා.
ඉතින් රෑ 10ට වව්නියාවෙන් කොළඹ බලා එන දුම්රියේ හිටපු මට නම් ආයි කියලා වැඩක් නෑ අනුරාධපුරේට එනනත් කලින් ම හොඳට නින්ද ගියා. මට ඉතින් වාහනයක නැග්ගොත් එසැණින් නිදි කුමාරි කෝල් කරනවා. ඔය අතරේ අපේ සීට් වල ඕමි ගගහා හිටපු අයට පොඩි ප්‍රශ්නයක් වෙලා.
කට කපලා සෙනග හිටපු නිසා සමහර අය කෝච්චි පෙට්ටියේ බිමත් නිදාගෙන හිටියේ. ඒක නිසා වාඩි වෙලා ඉන්න අය එහෙට මෙහෙට වෙවි ඉඩ දුන්නා. අපිත් කට්ටියට ඉඩදෙන අතරෙ තමා කම්මැලි කමට ඕමි ගැහුවේ. මෙන්න බොලේ එතන හිටපු එකෙක් අපිට වලි කෝල් දෙනවා. මේකා ඇවිත් කාඩ් ටික බිමට විසික්‍ කරලා එහෙම බැනලා ගියා. දැන් අපිටත් මල. පස්සේ මූ අපිව තල්ලු කර කර ඉඩ ගන්න හදාපි. ම් ම් ම් අපි එහෙම නැවෙනවද ? දුන්නේම නෑ. ඔය අතරේ අතර මගදී කෝච්චියට වයස 23-25ක විතර ආබාධිත සෙබලෙක් නැග්ගා. එයාට අපි ගාව ඉඩ දීලා කථා කර කර තමයි ගියේ. එයා කොළඹ යුධ හමුදා මධ්‍යස්ථානයට යන ගමන්. ඔය විදියට රණ්ඩු වෙවී ගෙදර ගිය අපි හිතා ගත්තා අයි කවදාවත් night mail එකේ ගෙදර යන්න සෙට් වෙන්නේ නෑ කියලා. ‍පෝකර, හීරෝ එහෙම කුරුණෑගලින් බැස්සා. උදේ 6.30ට විතර අපිත් කොළඹින් බැහැලා ගෙදරට වාර්තා කලා.
ගෙවල් වල ගිය කට්ටිය ඊළගට සෙට් වෙන්නේ අපේ ගෙදර පිරිතට. ඒ කථාව ඊළග කොටසෙන්.


  ..B...වා..ර්..තා..ක..ර..ණ..ය..
|                 “කවුඩා”                 |
  ........................................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...