Pages

Wednesday, September 29, 2010

Second Part 2010/09/29

part 2

ඉතින් ඔන්න නිදාගන්න ගියාම අපේ රූම් එක පොඩි නිසා පස්දෙනාට නිදාගන්න අවුල. කොහොම හරි පැදුරු එලාගෙන ගෙදරින් ගෙනාපු බෙඩ්ෂීට් දාගෙන බුදි. ඔන්න රෑ කට්ටිය තමන්ගේ ජංගම දුරකතන වලින් ෆේස් බුක් බලනවා. අද මට කොහොමද කියලා. අප්ඩේට්ස් දානවා... ඒ අස්සේ සමහරු දත් මදිනවා..මදින ගමන් කියනවා මගේ මේ දෛනික පුරුදු නැතිකරගන්න බෑ කියලා. පස්සේ තමා දන්නේ මේකා ගෙදරදි උදේටවත් දත්මැදලා නෑ කියලා. ටික වෙලාවකින් මගේ පැත්තකින් ඇහෙනවා
එක්ක මල් කඩනවා. කවුද කියලා කියන්න ඔනේම නම් ‘මානව‍යා’.  එකත් ඉවරයි. ඔන්න ග්ර්ර්, ග්ර්ර්, ගර්ර්ර්ර් කිය කියා මානවයයි කැන්නයයි තරගෙට ලී ඉරනවා දෙපැත්තේ. දැන් නම් ඉන්න බෑ ඇයි මුන්ගේ සද්දෙයි මදුරු කරදරෙයි.
“මේ ..දැන් ඇහෙනවද බලන්න...හරිද, දැන් ඇහෙනවද....හරි නේද!” බලනකොට රූමෙක් ගෙදර තියලා ආපු බිරි
ඒ මදිවට තාම ඇුම් රැක් එහෙම නැති නිසා කාමර වල රෙදි වැල් ඇදලා තිබුණේ. රෙදි වැල් කියන කොට මතක් වුණේ. අපේ මානවයා අර කන්න ගිය වෙලාවේ එක් එකකෙනාගෙන් රු.10 බැගින් එකතු කරලා ලණුවක් ගෙනල්ලා ඉල්ලන ඉල්ලන හැමෝටම ටික ටික බෙදලා දුන්නා..(තාමත් ඒකේ විගණන වාර්තාව තාම ලැබුණේ නෑ.)

------------------------------------------------------------------------------------------------------------දෙවැනි දිනය

ඔන්න උදේ අමුතු සද්දෙකට මටයි ජෝන්ටයි ඇහැරුනා. ඒ ළග තිබුණ කෝවිලක උදේ ගාථා දාලා තිබ්බ සද්දේ කියලා ටික වෙලාවකින් තේරුණා. ඉතින් නින්ද යන්නේ නැති නිසා එළියට ගිහින් බැලුවා ඉරත් පායගෙන එනවා.. ඔන්න එතකොට අපේ ලංකාබැංකු කාරයාගේ සද්දෙට මුළු හොස්ටල් එකම නැගිට්ටා..
ටික වේලාවකින් ඇ‍හුණා “අඩෝ! එළියට වරෙරරරන්” කියලා සද්දයක්. බය වෙච්ච පාරට එළියට ගිහින් බැලුවහම දන්නේ අපේ කැන්නයාට රේමන්ඩ් ඇමතුමක් දීලා, පැය ගානක් ඒකේ එල්ලිලා කියලා.‍පොළිම 10කටත් එහා. වැඩේ තේරෙන බාසාවෙන් කියන්නම් මුළු හොස්ටල් එකටම වැසිකිලි 1යි. එකෙක් ගියොත් පොළිම තමයි. පස්සේ දන්නේ මූට ඇතුළෙම නින්ද ගිහින් කියලා. ඉතින් දැන් උදේ 7.45ට ලෑස්තිවෙලා කට්ටිය බලන් ඉන්නවා වාහනේ එනකං. 8 වෙලාව තාමත් නෑ. ඉතින් අපි ගත්තා ඇමතුමක් කැම්පස් එකට එහෙන් කියනවා වාහනේ දෙන්නේ එක දවසයි. ඕනෙම නං අදට විතරක් එවන්නම්.ආයි බෑ කියලා. මොන‍වා කරන්නද ඉතින් කමක් නෑ කියලා අදට ගියා. ඒ වුණාට හෙට ඉලා කි.මී 4ක් පයින් යනවා කිව්වහම , හප්පා කොහොම කට්ටක් ද ආ.........
ඉතින් කොහොම හරි ගියා මුල්ම ලෙක්චර් එකට. අවුලක් නෑ ඉතින් ඒක ඉවර වුණා විතරයි. පෝළිමේම කට්ටිය දේශනශාලාවෙන් එළියට ගියා. මංවත් දන්නෑ මොනවද මේ වෙන්නේ කියලා....ඉතින් ඔහොම ගියහම ආවේ ස්ටඩී හෝල් එකට..යනකොට සින්නෝ වැහි වැහැලා. කෑගහනවා එක විකාරය යි. හැබැයි ‍එයාලා කතාකරන්නේ දෙමළ නිසා අපිට තේරුනේ නෑ. අවුලක් නෑ. ඔහේ ටිකක් එයාලා ෆ්‍රෙන්ඩ්ලි කතා කරලා ගියා. ඉතින් හවස වැඩ ඉවර වෙලා හොස්ටල් ආවා. ටික වෙලාවකින් පණිවුඩ එනවා ‘කුරල්’ පාඩම් කරපං කියලා. මෙන්න 40ක ලිස්ට් එකක් මට ආයිත් පාරක් මොළේට දාඩිය දැම්මා..
හම්මා කොහොම හරි පාඩම් කලා “ සප්පිතින්නාද මුරුංගක්කායුම්...........” කියලා පටන් අරන් කොහොම හරි කියලා දැම්මා. අපේ රෙපා වුණේ තඩියා. මෙකා කොහොම හරි ICT වුන්ට රැග් එකෙන් බේරගන්න විවිධ ක්‍රම පාවිච්චි කලා.  
ඔය අතරේ අපේ රූම් එකේ හිටපු නුවන්ට සබරේට බෝට්ටුවක් ආවා. ඒක නිසා ඌ එහෙට ගියා. ඌව ඇරලවන වැඩේට සෙට් වුණේ බලයයි, කැන්නය යි. ඕං මේ ඌ යන අතරේ දි ගත්ත ඡායාරූපයක්.


 මේ තියෙන්නෙත් අපේ කට්ටිය ජොලියෙන් හිටපු වෙලාවක්..මේ ඡායාරූප අයිති පුද්ගලයන්ගේ මරණ තර්ජන මැද මෙම ඡායාරූපය විවිධ වෙනස් කම් වලටත් ලක් කරලා උපරිම මාධ්‍ය නිදහස වෙනුවෙන් අවසර ලබාගත්තා.

ඔය විදියට සතියක් ගත වුණා විතරයි මෙන්න කාමරේට උදේ (සු)ගන්ධයක් හමා එනවා. බලන කොට වැසිකිලිය උතුරනවා. එහෙම නොවුනොත් තමයි පුදුමේ හිතන්නකො 40 දෙනෙක් ඒක පාවිච්චි කරන කොට. ඔන්න මුල්ම ලියුම ලියලා දුන්නා. අපිට තියෙන ප්‍රශ්නත් එක්ක මේ උතුරන සීන් එකත්, නෑ ප්‍රතිචාර. ඊළගට ආයිත් ලියුමක් ලිව්වා..ඔය විදියට ලියුම් ලියන්න ගිහින් පස්සේ දවසක මට පෙත්සමා කියලා නං කෑල්ලක් වැටුණා.
ඉතින් දවසක් අපේ වාස් කියපි මචං මට රෑෂ් එකක් ඇවිල්ලා. මොකද කරන්නේ කියලා. කට්ටිය දැන් කතා‍ වෙනවා ‘අඩෝ දැන් මොකද කරන්නේ !’, ‘ අපිටත් හැදෙයි ද බං’,කිය කියා කතාවෙනවා. ඕන්න ඊළග දවසේ මන්නයාත් කියපි මචං මගේ රෑෂ් එකක් ඇවිත් මෙහෙම ඉන්න බෑ අපි ස්ට්‍රයික් එකක් වත් කරමු කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ සීනියර්ස්ලට කිව්වට පස්සේ අපේ ඩීන් එහෙම වාස් එකක් කතා කරලා අහලා තියෙනවා  “දැන් කොහෙද ඔය රෑෂ් එක තියෙන්නේ...?”
වාස් - “ප.... ප...යි..............පපප”
ඩීන් - “ ආ.....!පxxx(කපා හැරියා). කේද”
වාස්ට  R වුණා.
දෙයියනේ සර් මේවා දන්නේ කොහොම ද මූට කියවුණා. ඉතින් මේක අහපුගමන් අපේ ඩීන් ගිහින් ලේඛකාධිකාරි එක්ක කතා කරලා හොස්ටල් එක සුද්ද කරන්න සතියක නිවාඩුවක් සෙට් වුණා. ඉතින් නිවාඩු දුන්න දවසෙම රෑ කට්ටිය ගෙවල් වල ගියා.... ඒ ගිය වෙලාවේ කට්ටියම අපේ ගෙදර පිරිතකටත් සෙට් වුණා.. ඒ කතාව ඊළග දවසේ...

  ..B...වා..ර්..තා..ක..ර..ණ..ය..
|                 “කවුඩා”                         |
  ........................................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...