මුලදි යන්න හෙන ලෝඩ් එකක් සෙට් වුණන් අන්තිමට ගිහින් හිටපු කට්ටිය නම් පොඩ්ඩයි.
මේ කට්ටිය උදේ පාන්දරම රජරට රැජිනේ නැගලා උදේ 3.40ට මුලින්ම ගාල්ලට ඇවිත්. ඒ ගාලූ සුළං සැරට අපේ වැද්දාට නම් බොහෝම හිතට වැදිලා ගාලු පුරවරයේ නොදන්න නොගිය වැසිකිලියක්/ කැසිකිලියක් කඩයක් නැති වූණාලූ. අමාරුවෙන් ඇස් දෙක තද කරගෙන ඉක්මනට නින්ද එන්නැති එකට බැන බැන මූ දොයිය ගන්නවලූ..
ගාල්ලේ ගිහින් අපේ ජුලියට් ගේ ගෙදර නැවතිලා ම+ජු (මන්න + ජුලී) ගේ ආදර සැප විඳලා අපේ කට්ටිය ඊළඟ සම්ප්රාප්තිය හම්බන්තොට මල්මාමාගෙයි මුත්තගේ ප්රාන්තෙට. යද්දිම හොඳ ලැන්ඩ් රෝවරේක සැප විඳිමින් තමයි ගිහින් තිබ්බේ. එහෙදීත් හොඳ සැප පහසුකම් වින්ඳ අපේ කට්ටියට මුත්තාගෙන්(නාමල් බේබි) සහා මල් මාමාගෙන් හොඳ මාළු සංග්රහයක් ලැබුණලු.
අවසානෙට වැඩිම කට්ටියක් ගිහින් තිබ්බේ මූතූගේ ගෙදර මොණරාගල. එහෙදි වෙච්ච සිද්දි වාර්ථා වුණේ නැති තරම්. උස්සන්ගොඩ දී මුතු මොකක්ද කේස් එකකට මල පැනලා හිටියලු.
ඊළඟට දෙහිඅත්ත කණ්ඩිය හරහා පොළොන්නරැවටත් කට්ටිය මේ චාරිකාව දිගු කරත් කිහිප දෙනයි ගිහින් තිබ්බේ.
අපේ ටීවී රාජා නම් එහෙත් ගිහින් තමයි මාතලේ පුරවරයට නැවත පා තබලා තියෙන්නේ.
ඔන්න ඒක ගැන හදපු වීඩියෝව තමයි පහලින් තියෙන්නේ. මේකේ මුල් වීඩියෝ පටය නිර්මාණය කරේ කැන්නයා. පස්සේ මං එක නැවත සංස්කරණය කරලා තමයි මේ ඇතුළත් කරේ.
************************************************************************
**************
වාර්ථාකරණය
කවුඩා
**************
No comments:
Post a Comment