Pages

Wednesday, September 29, 2010

First Part 2010/08/16

part 1

මේක ලියන්න මම සුදුසුම පුද්ගලයා නොවන බව දන්නවාමොකද මං දන්න දේවල් වලට වඩා ගොඩක් දේවල් අනිත් අය දන්න නිසාඒත්  මම දන්න සියල්ලත් ඉදිරියේදී වෙන සියල්ලත් කොහොමින් කොහොම හරි මම ලියන්නම්.
එහෙනම් වැඩේ පටන් ගමු...
ඔන්න අපිට කැම්පස් එකට යන්න කියලා ලියුම ආවා.. මං නම් එන ඕන එකකට යනවා කියලා හිටපු නිසා මේක අවුලක් නෑ.  ඉතින් පේරේකැලණි , මොරටුරුහුණු එහෙම තේර්ච්ච අය වව්නියාවට ආවා කිව්වහම ඒකේ වැල්යූ එක ගැන පොඩ්ඩක් හිතන්න .....  කොහොමින්  හරි ‍මේකට දකුණෙන් ළමයි 60 ක් විතර ආවාපස්සේ කට්ටිය හතර පස්දෙනෙක් රජරටට මාරු වෙලත් ගියා.  ඉතිරි වුණේ අනේ මේ අපි ටික. කට්ටිය ගැන මෙහෙම ලිස්ට් එකක් හදන්නම් කො බලන්න.
 
තුන්පාරක් පීචං වෙලා යන එන මං නැතිව හිටපු අය 10 කුයි,
දෙපාරක් පීචං වෙලා ඊලග පාරත් කරලා ලැජ්ජාවෙන්න බැරිව හිටපු අය 8යි,
මෝඩ කමට වන්ෂොට් පාරින්ම මෙහෙට ආපු අය 5 කුයි තමා අපේ සෙට් එක.
ඕන්න බලාගන්නකෝ ...................


මුලින් කට්ටියක් හොස්ටල් ඇවිත් කාමර වල බෑග් දැම්මා. එකටත් තරගේ කලින් දවසේම තුන් දෙනෙක් ඇවිත් හො කාමරයක් අල්ලගෙන.
ඉතින් ආපු මුල් දවසෙම කට්ටිය ලොකු ලොකු කතාවල..........එක්කෙනෙක් ඇමරිකාවේ අපේ අයියා ඉන්නවා කියනකොට තවත්කෙනෙක් ‍”මේ දවස් වල අපේ ඩැඩී ගේ බිස්නස් පාඩුයි අනේ” කියනවා...ඔය අතරේ දෙන්නක් ඉස්සරහට වෙලා ඔය පිටිපස්සේ ඉන්නේ සීනියර්ස් වෙන්නැති අපි කටපියන් ඉමු කියලා ඉස්සරහා කෙල්ලෝ එක්ක විතරක් කතා කර කර හිටියා. පස්සේ මං පුංචි talk එකක් දාලා ඇහුවා මචං උඹගේ නම/ගම/උපන්දිනේ එක්ක විස්තර කොහොමද කියලා? මේකා කියපි...... Lමාල්” කියලා. මාත් ඩිම් වෙලා ගිය පාර ආයි ඌ එක්ක කතා කළෙ නෑ. මාත් එක්ක කදේට සෙට් වෙච්ච එකෙක් එක්ක ටොම් පචයක් කෙල කෙල හිටියා... අපේ ඩීන් සර් ඇවිල්ලා පොඩි දේශනයක් දීලා...උඹලව රැග් කරොත් මට කතා කරන්න කියලා 077 නොම්බරයක් එක්ක උපහාර එකකුත් දුන්නා.. ඉතින් අම්මලා තාත්තලා වගේම අපිත් ටක් ගාලා සේව් කරගත්තා... ඒ අතරේ කියනවා මේ අපේ හො කැම්පස් එක තියෙන්නේ පම්පේමඩු අපි හරියටම තව මාස 3කින් එහේට යනවා. එතකං මේ පොඩි කරදර ටික ඉවසන්න . (පසු වදන :- “  තාමත් අපි එතනමයි...  ”)

ඔය අතරේ අමුතු ඩයල් 3ක් අපි ඉන්න තැන පුටු 3කට ආවා...උන්ගේ කොන්ඩෙ තැනින් තැන නෑ ...පොඩි වෙච්ච ඇුම් තිබුණේ, අපි හිතුවා මේ යුධ කඳවුරක ඉඳං ආපු අය වෙන්නැති කියලා පුංචි අනුකම්පාවක් එක්ක කතාකරා...එතන එකෙක්ටවත් සිංහල බෑ. ඊට පස්සේ දන්න විදියට කඩුව කැරකුවා වැඩක් වුණේ නෑ. උන්ට ඒකත් බෑ. ඉතින් කොහොමින් කොහොම හරි අමාරුවෙන් විස්තර ටික අරගෙන කතා කලා.. දෙන්නෙක් අම්පාරේ අනිත් එකා ත්‍රී’මලේ...මුස්ලීම් ජාතික..අවුලක් නෑ..බලනකොට මුං මේ අමුතු විදියට ඇවිත් ඉන්නේ සීනියර්ස්ලා කලින් දවසේ මුන්ට කියලා අද මෙහෙම වරෙන් කියලා...
ඉතින් ඔය ටික ඉවර වුණාට පස්සේ අපේ සීනියර්ස්ලා දෙන්නේක් එකපාරට ඇවිල්ලා..කැඩිච්ච ඉංග්‍රීසියෙන් කිව්වා ඔය ලස්සන කොණ්ඩේ කොටට කපලා එහෙම හෙට එන්න කියලා. පුළුවන් තරම් මොත්තේ දාලා නොතේර්ච්ච විදියට ඉන්න තමා අපි ට්‍රයි කලේ...
ඒ අතරේ කෙල්ලෙක් එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා. ටිකක් ඇහැට කනට පේන වා..ඔය අතරේ බැජ් එකේ කෙල්ලෙක්නේ කියලා අපේ ‘දයියා/ජෝන්’ එයා ළගට ගිහින් “මේ ඔයාගේ නම මොකක් ද?” කියලා අහපි...මේකිත් මුගේ හිසේ කේශාන්තේ සිට පාදානතෙටම බලලා “ඔයාට මොකටද මගේ නම...!”..මුට වැලේ වැල් නෑ...නෝණ්ඩියටත් එක්ක ෂේප් වුණා...පස්සේ ඉතින් අර කෙල්ල ඇවිත් සමාව නම් ගත්තා. ඒත් මූ තාම ඒකට අවුල... දැන් මූ නිකමටවත් කාගෙන්වත් නම අහන්නේ නෑ..ඔය සිද්දිය මතක් කලොත් මේ‍කේ ලියන්න බැරි වචන තමා පවසන්නේ. ඔය ගෑණු ලමයා එකපාරටම “....න්” කියලා කතා කරා , කට්ටිය ෆුල් හොල්මන්,  එතකොට තමා ‘කැන්නයා / බුදිමතයා’ කිව්වේ මේ ගෑණු ලමයා අපිත් එක්ක ‘ලංවිම’ වැඩකලා. පස්සේ ඉතින් දෙන්නා එකටමයි ඒ වෙලාවේ හිටියේ(යාළු කමට).
ඉතින් ඔය ටික සිද්ද වුනාට පස්සේ කැම්පස් වාහනෙන් අපිව හොස්ටල් ගෙනල්ලා ඇරලුවා. ඉතිරි කට්ටියත් තරගෙට කාමර හොයනවා.බොහොම අමාරුවෙන් කාමරයක් නම් හොයා ගත්තා.හ්ම් දැන්නේ වැඩේ. දවල්ට කන්නේ කොහොම ද. අපේ හිටියා ඕන තැනකදී මුල්තැන අරගන්න එලකිරි බුවෙක් (ඌ ගැන කතා නම් 100කට වැඩීයි),නම ර...දික(ලොකු)..මු කිව්වා වරෙන් බං මං දැක්කා එලපොට් එකක් කියලා. ඉතින් අපි ඇඳුම් බැග් එහෙම කාමර වල දාලා..සිංහල දෙමල එකසේ දන්න එකම එකාත් එක්ක තාණ්ඩිකුලම් සිට කඩයක් සොයා නගරයට එනවා..මෙන්න දෙන්නෙක් එනවා කලින් දැකලත් පුරුදුයි, ඒත් හිතාගන්න බෑ. බලන කොට අපේ සීනියර්ස්ලාගේ අණ මේ දෙන්නා පිළිපැදලා. ඉතින් අනිත් වුන් මුංට අමතනවා කියන්නේ හොදි ඕන නෑ. “අපි නම් මේ කොණ්ඩ කැපිලා නෑ. මොකටද බයවෙන්නේ තාම අපිට හරියට කිව්වේ නෑ” කියලා අයෙක් කිව්වා. ඒවුණාට ඊළග දවසේ බාබර් සාප්පුවට කොණ්ඩෙ කපන්න මුලින්ම ගියේ ඌ..
 ඒත් ඉතින් බැජාලා නිසා අවුලක් නෑ. මුං දෙන්නවා ආපහු හරෝගෙන කන්න ආපු අපිට, ඔන්න කි.මි 1කට විතර පස්සේ මුල්ම කඩේ හම්බවුණා.
මලා එකේ කෑම ඉවරයි. ඊලගට තව කඩයකට ආවා එකේ අපි 30 කන්න ඉඩ නෑ. කොහොම හරි කි.මී 4ක් ගෙවිලා අපි ආවා කුරුමන්කාඩු වලට. එකේ එකම එක කඩයයි රු.100ක් දීලා කෑම එක කෑවා..බ්වෑග්! චෙක්! චක්! එක එකා කියනවා..මෙලෝ රහක් නෑ.. ඔන්න ඔහොමයි දවල් කෑම.  රෑට මොකද කරන්නේ කියලා හිත හිතා අපි හොස්ටල් එකට මංගෑටුවා... ඒ එනකොට උදේ කැම්පස් එකේ හොදට හිටපු පළමු වසර දෙමළ කොල්ලෙක් ‍ගේ තට්ටේ ගාලා දෙන්නෙක් බයිසිකලේක ඇරලවනවා.. මං ආයිත් ඩිම් වුණා.

දැන් කට්ටිය කතා වෙනවා “ අඩෝ අරු නම් සින්නෙක් වෙන්නම ඕන අනිවා!”. තවත් එකෙක් “මට නම් ඌව සැකයි, අපිගැන හොයන්න ඌව දාලා ද දන්නේ නෑ නේ”. ඉතින් ආයිත් මොළේට හීන් දාඩය දැම්මා....
සවස කරන්න වැඩක් නැති නිසා අපේ හොස්ටල් කෑල්ලේ උඩ තිබුණා ස්ලැබ් එකක් දාලා තියෙනවා එකේ උඩට වෙලා කට්ටිය ඉතින් කියවනවා.
මචං මං කැඩෙට් කලා...එකෙක් කියපි, අනිත් එකා මේ උඹ එහෙනම් අපේ ඉස්කෝලේ කැඩෙට් ටීම් එක දන්නවා ඇති...උන් හරි දක්ෂයි නේ. ඉතින් පච හැලිය , ඒ අතරේ රූම් වලට නම් දැම්මා අපේ පැත්තට ‘පු...ක’ කියලායි අනිත් එකට ‘අඳුරු කුටිය’ කියලායි. ඉතින් මං හිටියේ ‘පුකේ’, ඒකේ රූම් තුනයි. ඒ වට දැම්මා “රම්‍ය, සුරම්‍ය, සුභ” කියලා...අපේ නම් අහලා අනිත් පැත්තේ උනුත් උන්ගේ රූම් වලට නම් දානවා “මඩුව,මඩම,ගුහාව”, ඒ අතරේ එක එකාගේ විස්තර අහනවා......උඹ කොහේද ඇයි පේරා දාලා ආවේ අපරාදෙනේ....තව පචත් ඉතින් හැලෙනවා....තාම මුල්ම දවසනේ, ටික වෙලාවකින් වොර්ඩන් ඇවිත් කතා කලා ර..දික(ලොකු) තමා මුහුණ දීලා හැමෝටම පහළට එන්න කියලා එලර්ට් කලේ. ඉතින් වතුර තමා ප්‍රශ්නේ සර් කියලා පටන් අරන් ප්‍රශ්න 100ක විතර පත්‍රයක් දුන්නා. ඔය අතරේ එහා පැත්තේ ගෙදරක ඉන්න ඇන්ටි කෙනෙක් රෑ කෑම දෙන්න බාරගත්තා..

රෑ 7ට විතර කෑම ආවා.. සම්බෝලයි බතුයි...බත් එක බෙරිම බෙරි..මුණුත් බෙරි කරගෙන තමා අම්බානක බැන බැන තමයි කෑවේ.

නිදාගන්න ගියහම තිබුණේ පැදුරු..හප්පා මුල් දවසේ පැදුරේ නිදාගන්න කොට R….වුණා…..

  ..B...වා..ර්..තා..ක..ර..ණ..ය..
|                 “කවුඩා”                         |
  ........................................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...